Sunday 20 November 2011

පංච උපාදානස්කන්ධය හා පංච උපාදානස්කන්ධ භාවනාව

පංචඋපාදානස්කන්ධයේ ඇලී ගැලී වාසයකරන නිසා සත්වයායය් කියනවා. පංචඋපාදානස්කන්ධය අවභෝධකරගෙන එයින් මිදුනොත් ඉතිරිවන්නේ පංචස්කන්ධදය විතරය්. රහතුන් වහන්සේකෙනෙකුට ඇත්තේ පංචස්කන්ධදයක්ය.

පංච
පහ
උපාදාන
චන්දරාගයෙන් යුක්තවූ ආසාවන්ට
බැඳිච්ච.
ස්කන්ධ
අතීත වාර්තමාන අනාගත යන කාලයත් හා තමාතුල තමාගෙන් පිට  ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ නමැති අවකාශයත් අතර තියෙන රුපයෝය්.
මොනවාද මේ පංච උපාදානස්කන්ධ
රූප
ආපො තේජෝ වායෝ පඨවී නැමැති හතරමහ ධාතුන්ගෙන් සැදුනු උෂ්ණයෙන්  සීතලෙන් බඩගින්නෙන් පිපාසයෙන් රෝග පීඩාවලින් අතුරු අන්තරාවලින් විනාසවීයන දුකට හේතුවනදේවල්
වේදනා
හට ගන්නේ ආයතන හයෙන්  ඇතිවන ස්පර්ශයෙන්. ස්පර්ශය කියන්නේ ආයතනයත් අරමුනත් ඒ  ඒ ආයතනයට අයත් විඤ්ඤාණයේ එක්වීම. ඒ ස්පර්ශය නිසා දැකීම ඇසිම ගඳ සුවඳ දැනීම රස දැනීම පහසදැනීම ඇතිවෙනවා. එයින් විඳිම ඇතිවෙනවා. යම්තැනක ස්පර්ශයක් ඇතිවේද එතැනය් වේදනාව හෝ විඳිම.
සඤ්ඤා
ස්පර්ශයෙන් හටගත් හඳුනා ගැනීම: ඇසය් රුපයය් එක්වීමෙන් එතන ස්පර්ශයක් ඇතිවෙනවා. ඒ ස්පර්ශයෙන් දකින රූපය හඳුනාගන්නවා කනේ ස්පර්ශයෙන් ශබ්දය හඳුනාගන්නවා. නහයේ ස්පර්ශයෙන් ගඳ සුවඳ  හඳුනාගන්නවා දිවේ ස්පර්ශයෙන් රස හඳුනාගන්නවා කයේ ස්පර්ශයෙන් පහස හඳුනා ගන්නවා මනසේ ස්පර්ශයෙන් අරමුණු  හඳුනාගන්නවා.
සංස්කාර

චේතනාත් කියනවා. ඇහෙන් ගන්න රූපගැන හිතෙන් කයෙන් වචනයෙන් ඇතිකරන ප්‍රති ක්‍රියා නිසා චේතනා ඇති වෙනවා. මේ වගේම කණෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ගන්න ශබ්ද ගඳ සුවඳ රස පහස අරමුණු කෙරෙහි හිතෙන් කයෙන් මනසින්  වන ප්‍රතික්‍රිය නිසා චේතනා ඇතිවෙනවා. චෙතනා කියන්නේ කර්ම වලට.කර්ම කියන්නේ විපාක පිනිස සකස්වනදේ. සංස්කාර ඇතිවෙන්නේ ස්පර්ශයෙන්. ඇහැය්  රුපයය් සංස්කාරය් එකතුඋනේ නැත්නම් ස්පර්ශයක් නැ. එහෙමනම් චේතනත් නෑ.
විඤ්ඤාණ

ඇතිවන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. විඤ්ඤාණය  හටගන්නේ ආයතන හයේ. ආසතනයක් අරමුනක් ගත්විට  විඤ්ඤාණය ඇතිවෙනවා. විඤ්ඤාණය තනියම පවතින්නේ නැ. විඤ්ඤාණය නැතිව පන්චුපාදනස්කන්ධයත් නැ.
විඤ්ඤාණය පවතින්නේ  රූප වේදනා සඤ්ඤා සංකාර සතර සමග.

නාම රූප දෙකේ  එක්වීම  පංචස්කන්ධයය්. නාම කියන්නේ: පස්ස වේදනා  සඤ්ඤා චේතනා මනසිකාර පහට. රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ  මහා ධාතුන් හතර හා එයින් හැදෙන දේ. ඇස කණ නාසය දිව කය මනස  හැදිලා තියෙන්නේ නාම රූප වලින්. විඤ්ඤාණය හැදෙන්නෙත් නාම රූප වලින්. නාම රූපවලින් හැදෙන්නේ යමක්ද ඒවා ඇතිවන්නේ ආයතන හයෙය්.
පන්චුපාදස්කන්ධය හටගන්නේ හේතුඵල ධර්මතාව තුලින්.මෙ සියල්ල අනිත්‍යය්.

අවිද්‍යාවෙන් පටන්ගත්  පටිච්ච සමුප්පාදය ජීවිතයක්තුල පවත්නාක්කල් පංචුපාදානස්කන්ධය පවතිනවා. පංචුපාදානස්කන්ධය  අනිත්‍යය්. අවිද්‍යාව පහවී යෑමෙන් ලබන චතුරාර්‍ය සත්‍යාවබෝධයෙන් නැතිවියනපටිච්චසමුප්පාදයත්  සමග පන්චුපාදස්කන්ධයත් නැතිවියය්. පටිච්ච සමුප්පාදයේ අවිද්යාවෙන්හටගත්  පංච උපාදානස්කන්ධය  භාවනායෝගියා විසින් පංච උපාදානස්කන්ධය අවභෝදකරගෙන පංච උපාදානස්කන්ධය අත්හැරීමෙන් පංච උපාදානස්කන්ධය නිරුද්ධවෙනවා.

පංච උපාදානස්කන්ධයේ හිස් බව වටහාගැනීමට දෙශනාවෙ මෙසේ සඳහන්වෙනවා. සතරමහ ධාතුන්ගෙන් හටගත් රුපය පෙනගුලියකට සමාන කරනවා. ස්පර්ශයෙන් හටගත් වේදනාව නොහොත් විඳීම දියබුබුලකට සමාන කරනවා. ස්පර්ශයෙන් හටගත් සඤ්ඤා නොහොත් හඳුනාගැනීම මිරිඟුවකට සමානකරනවා. ස්පර්ශයෙන් හටගත් සංස්කාර නොහොත් චේතනා අරටුවක් නැති කෙහෙල් කඳකට සමාන කරනවා. නාමරූප ප්‍රත්‍යයෙන් ඇතිවන විඤ්ඤාණය මායාවක් ලෙස දකිනවා  ඒ අවභෝධයෙන්  පංච උපාදානස්කන්ධය පිළිගන්නේ නැත්නම් පංච උපාදානස්කන්ධයට ඇති බැඳීම නැතිවීයනවා. ඒ බැඳීම නැතිවී යෑමෙන් ඊට ඇති ඇලීම නැතිවීයනවා. පංච් උපාදානස්කන්ධයට ඇති අල්ම නැතිවිමෙන් ඒ මුල්කරගෙන භවය හැදෙන්නේ නැතිව යනවා. ඒ හේතුවෙන් විපාක පිනිස  කර්ම සකස්වෙන්නේ නැතිවෙනවා. එයින් උපතක් හැදෙන්නේ නැතිවයනවා.  ඒ හේතුවෙන් පටිච්ච සමුප්පාදය  නැසි වැනසී යනවා.

පංච් උපාදානස්කන්ධය අනාත්ම්ය් තමන්ට ඕනෑ හැටියට පවත්වාගෙනයන්ට බෑ. සතරමහා ධාතුන්ගෙන් හැදුණු රූප ධාතුන්ගේ වෙනස්වීමෙන් වෙනස්වෙනවා. ස්පර්ශයෙන්හටගත් විඳීම ස්පර්ශය වෙනස්වීමෙන් වෙනස්වෙලායනවා. ස්පර්ශයෙන් හටගත් සඤ්ඤා හඳුනාගැනීමත්  සංස්කාර හෝ චේතනාත් ස්පර්ශය වෙනස්වීමෙන් වෙනස්වියනවා. නාමරූප ප්‍රත්‍යයෙන් හටගත් විඤ්ඤාණය නාමරූප වෙනස්විමේන් වෙනස්වී යනවා. හේතුන්ගෙන් හටගන්නා ඵල  හෙතුනැතිවිමෙන් නැතිවයනවා. එයින්  ආත්මයක් නැතිබව අවභෝදවෙනවා. ඒ අවභෝදයෙන් පංච උපාදානස්කන්ධය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේයය් පැහැදිලිව දකිනවා.

පංච් උපාදානස්කන්ධ භාවනාව

ඇසේ ක්‍රියාකාරිත්වයට ඇසේ ඇතිවන සිතේ මවන්නාවූ
රූප උපාදානස්කන්ධය අනිත්‍යය් දුකය් අනාත්මය්

වේදනා උපාදානස්කන්ධය අනිත්‍යය් දුකය් අනාත්මය්

සඤ්ඤා උපාදානස්කන්ධය අනිත්‍යය් දුකය් අනාත්මය්

සංස්කාර උපාදානස්කන්ධය අනිත්‍යය් දුකය් අනාත්මය්

විඤ්ඤාණ උපාදානස්කන්ධය අනිත්‍යය් දුකය් අනාත්මය්
කණේ ක්‍රියාකාරිත්වයට කනේ ඇතිවන සිතේ මවන්නාවූ

නාසයෙ ක්‍රියාකාරිත්වයට නාසයේ ඇතිවන සිතේ මවන්නාවූ

දිවේ ක්‍රියාකාරිත්වයට දිවේ ඇතිවන සිතේ මවන්නාවූ

කයෙ ක්‍රියාකාරිත්වයට කයේ ඇතිවන සිතේ මවන්නාවූ

හිතේ ක්‍රියාකාරිත්වයට හිතේ ඇතිවන සිතේ මවන්නාවූ

No comments:

Post a Comment